April 25, 2024

බොලිවුඩ් සුපිරි තරුව සංජේ දත්ට පිළිකාවක්

ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධම සිනමා තරුවක් වන සංජේ දත් හට පිළිකාවක් වැළැඳී ඇති බව ඔහු විසින් සනාථ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

පරික්ෂණ ගණනාවකින් පසුව ඔහුට මෙම පිළිකාව වැළැඳී ඇති බව තහවුරු වී තිබේ.

ඉන්ස්ට්‍රග්‍රෑම් වීඩියෝවක් නිකුත් කරමින් 61ක් හැවිරිදි සංජේ දත් පවසා තිබුණේ තමන් ඉක්මණින් මෙම රෝගයෙන් ජය ගන්නා බවයි.

මීට පෙර ශ්වසන අපහසුතාවයකින් පෙලුණු ඔහු කොරෝනා වෛරසය වැළැඳී ඇද්දැයි බැලීම සඳහා පරික්ෂණයක් ද කර තිබුණු අතර එහිදී ඔහුගේ ප්‍රතිඵලය සාමාන්‍ය බව තහවුරු විය.

මේ වන විට සංජේ දත් චිත්‍රපට 150කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.

Rate this item
(0 votes)