April 20, 2024

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතාටත් කොරෝනා - "අපේ බය ඇත්ත වුණා" මෙලිනා ට්‍රම්ප් කියයි

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයා වන 14 හැවිරිදි බැරෝන් ට්‍රම්ප් හට කොරෝනා ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමන්ගේ පුත්‍රයාට වෛරසය ආසාදනය වීමත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ආර්යාව වන මෙලිනා ට්‍රම්ප් පවසා සිටියේ තමන් බියෙන් සිටි දේ සැබෑ වූ බවයි. නමුත් ඇය වැඩිදුරටත් කියා සිටියේ බැරෝන් ශක්තිමත් දරුවෙකු බවත් ඔහුට රෝගයේ අමාරු ලක්ෂණයන් පෙන්නුම් නොකර බවයි.

මීට පෙර ජනාධිපතිවරයා සහ ආර්යාව මෙන්ම ධවල මන්දිරයේ සේවකයන් පිරිසක් හටද කොරෝනා වෛරසය ආසාදනය වී පසුව සුවය ලැබීය.

ජනාධිපතිවරයාගෙන් ඔහුගේ පුත්‍රයා හට කොරෝනා ආසාදන වී ඇත්දැයි සමහරක් පිරිසක් ප්‍රකාශ කර තිබුණත් ජනාධිපතිවරයා ඔහු සහභාගී වූ ජනතා රැලියක දී ප්‍රකාශ කර තිබුණේ ඔහුට තම පුත්‍රයා සමඟ ගත කිරීමට තම් ලොකු කාලයක් නොතිබුණු බවයි.

Rate this item
(0 votes)