October 30, 2020

ලෝකයේ උසම සහ විශාලම ප්‍රතිමාව නැවත සංචාරකයන්ට විවෘත වෙයි

කොරෝනා වසංගත ගෝලීය ව්‍යාප්ත වීමත් සමඟ ලෝකයේ සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල විය.

ඒ අනුව ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලෝකයේ දැවැන්තම පිළිමය වන මීටර් 182ක උසකින් යුතු ඉන්දියාවේ බිහි විශිෂ්ට නායකයෙකු වන වල්ලභායි ජාවර්බායි පටෙල්ගේ ප්‍රතිමාව හෙවත් එකමුතු බවේ ප්‍රතිමාව නැරඹීමටද සංචාරකයන්ට සීමාවන් පළ විය.

වසංගතය ඉන්දියාව තුළ දැඩි ලෙස ව්‍යාප්ත වීමත් මෙම ප්‍රතිමාව සහිත සංචාරක කලාපයද වසා දැමීමට සිදුවිය.

නමුත් එළැඹෙන 17 වැනිදා සිට මෙම සංචාරක කලාපය විවෘත කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ. 

Rate this item
(0 votes)