March 28, 2024

ඇමරිකාව, ඊශ්‍රායල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකඟතාවයකට එයි - ඒකාබද්ධ ප්‍රකාශයකුත් නිකුත් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්, ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නාහ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරී ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් යන නායකයින් පසුගියදා විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එම සාකච්ඡාවලින් අනතුරුව ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතා පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කිරීමට එකඟත්වයට පත්ව තිබෙන බවට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

රටවල් තුනම පොදු අභියෝග රැසකට මුහුණ දී ඇති මෙම අවස්ථාවේ මෙම තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික එකඟවීම මගින් මැද පෙරදිග කලාපයේ සාමය ඇති කරනු ඇති බවට බලාපොරොත්තු වේ.  

ආයෝජන (investment), සංචාරක (tourism), සෘජු ගුවන් ගමන් (direct flights), ආරක්ෂාව (security), විදුලි සංදේශ (telecommunications), තාක්‍ෂණය (technology), බලශක්තිය (energy), සෞඛ්‍ය සේවා (healthcare), සංස්කෘතිය (culture), පරිසරය (the environment), අන්‍යෝන්‍ය ලෙස තානාපති කාර්යාල පිහිටුවීම (the establishment of reciprocal embassies) සහ වෙනත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභයන් ඉලක්ක කර ගනිමින් ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඊශ්‍රායලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිතයින් ඉදිරි සතිවලදී රැස්වීමට නියමිතය.

Rate this item
(0 votes)