March 29, 2024

අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා

අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පුවතක් වාර්තා විය. 

එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙනි.

එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ ව විමතිය පළ කරයි.

ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ ව වෛද්‍ය විශේෂඥයෝ පරීක්ෂණ පවත්වති.

වෛරසය ආසාදනය වී ඇති බිළින්දන් දෙදෙනෙක්ගේ තත්ත්වය යහපත් වුව ද තුන්වැනියා හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන බව පැවසේ.

සැන් ලුවී පොටෝසි පළාතේ රෝහලක දී මෙම තුන් නිවුන් - පිරිමි ළමුන් 2යි ගැහැණු ළමයයි - උපත ලැබුවේ පසුගිය 17 වැනිදා ය.  

Rate this item
(0 votes)