March 28, 2024

"රටේ සියලු දෙනාම මුහුණු ආවරණ පැළැඳිය යුතුයි" - ඉන්දුනීසියාවේ රජයෙන් නියෝගයක්

ඉන්දුනීසියාව එරට ජීවත් වන සියලු දෙනා හට මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කිරීමට තීරණයක් ගෙන ඇතිබව සඳහන් වෙයි. පොදු ස්ථානයෙන් හී ගැවසීමේ දී මෙලෙස සියලු දෙනා මුහුණු ආවරණ පැළැඳිය යුතු බව මෙම නව නීතියේ සඳහන් වෙයි. මෙම නීතිය පැනවීමත් සමඟ ඉන්දුනීසියාවේ රටේ ජීවත් වෙන සියලු දෙනාට මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කළ පළමු රටබවට පත් වෙනවා.

එමෙන්ම ජනතාවට රෙදිවලින් නිර්මාණය කරන ලද මුහුණු ආවරණ පළඳින ලෙසද සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා තිබෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ට හා සේවකයන්ට අවශ්‍ය කරන විශේෂ මාස්ක් හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීමක් වශයෙනි.

විශාල දූපත් විශාල ප්‍රමාණයක් තිබෙන ඉන්දුනීසියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 2,300කට වඩා වැඩි පිරිසක් වාර්තා වෙයි. නමුත් බොහෝ වාර්තාවල පවසන්නේ එය සැබෑ ආසාදිතයන්ගෙන් 2%ක ප්‍රමාණයක් බවයි. ඉන්දුනීසියාව මේ වන විට කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන පරික්ෂණ සිදු කිරීමේ ගැටලුවකට මුහුණ දී සිටි. නිල වශයෙන් 2,300ක පිරිසක් වාර්තා වුවත් බොහෝ දෙනා පවසන්නේ ඊට වඩා වැඩි පිරිසක් ඉන්දුනීසියාවේ වෙනත් දූපත්වල සිටිය හැකි බවයි. එය එක්වර විශාල අර්බුදයක් ඇති කරනු ඇතිබවද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

Rate this item
(0 votes)