April 19, 2024

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිලරි කියයි

අමෙරිකානු 2020 පැවැතිවීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමන්  ඉදිරිපත් නොවන බව එරට හිටපු ජනාධිපති ආර්යා හිලරි ක්ලින්ටන් අනාවරණය කර ඇත.

ඉදිරියේදී දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් නොවීම ඇයගේ අපේක්ෂාව වී ඇත.

ඇය 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙසින් කටයුතු කළත් එහිදී ඇයට අනපේක්ෂිත ලෙසින් පරාජය විඳගැනීමට සිදුවුණි.

බොහෝදෙනා ඇය අමෙරිකාවේ පළමු ජනාධිපතිවරිය වනු ඇතැයි අපේක්ෂා කළද, අවසාන මොහොතේදී ලැබූ නොසිතූ ප්‍රතිඵලයත් සමඟ ඇය දේශපාලනයෙන් මද විරාමයක් ලබාගත්තාය.

2020 ජනාධිපතිවරණය සඳහා හිලරි ඉදිරිපත් වනු ඇතැයි පිරිස අපේක්ෂා කළත්, ඉදිරියේදී නිවැරැදි දෙය වෙනුවෙන් පෙනී සිටීමට තමන් සුදානමින් පසුවන බව සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය පැවසුවාය.

එමෙන්ම ඉදිරියේදී කිසිදු දේශපාලන තනතුරක් සඳහා තමන් ඉදිරිපත් නොවනු ඇති බවත් මෙහිදී ඇය ඉඟි කර තිබුණි.

2020 මැතිවරණයේදී ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත්වන සියලුදෙනා සමඟින් කතාබහ කිරීමටත් තමන් කටයුතු කළ බව ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

නොමිලේ ලැබෙන කිසිදු දෙයක් භාරනොගෙන සිටින්නැයි ඔවුන්ට උපදෙස් දුන්බවත් ඇය එහිදී අනාවරණය කර තිබුණි.

හිලරි ක්ලින්ටන් ඉතිහාසයට එක්ව ඇත්තේ අමෙරිකාවේ ප්‍රධාන ධාරාවේ පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙසින් ඉදිරිපත් වූ පළමු කාන්තාව ලෙසටය.

එහිදී වතමන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර දැඩි වාග් ප්‍රහාර පැවැති අතර හිලරි වහා සිරගත කළ යුතු බවත් රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඇය හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳ ද වෙයි.

Rate this item
(0 votes)