March 29, 2024

ගුවන් මගීන්ගේ ඥාතීන් පොලිස් අණ නොතකයි 

එම්එච්370 යානයේ සිටි ගුවන් මගීන්ගේ ඥාතීන් පොලිස් ආරක්ෂාව කඩා බිඳ දමමින් මැලේසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යානයේ කොටස් බටහිර ඔස්ට්‍රේලියානු මුහුදේ තිබී හමුවීමෙන් අනතුරු ව ඔවුන් මැලේසියානු ආග්‍රාමාත්‍ය නජිද් රසාදික් මුණ ගැසීමට ගොස් ඇත.

අතුරුදන් වූ යානයේ සිටි ගුවන් මගීන් සම්බන්ධයෙන් මැලේසියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ශෝකය ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට හමු වී ඇති තොරතුරු අනුව එම යානයේ සිටි කිසිදු පුද්ගලයෙක් ජීවතුන් අතර සිටින බවට සාක්ෂි හමු වී නොමැත.

Rate this item
(0 votes)