April 19, 2024

නිරූපිකාව දූෂණය කළ බොලිවුඩ් නළුවාට ඇප

23 හැවිරිදි ඉන්දීය නිරූපණ ශිල්පිනියක දූෂණය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත ව සිටි බොලිවුඩ් නළු ඉන්ද්‍ර කුමාර් ඇප මත නිදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන්ට බොලිවුඩ් චිත්‍රපටවල රඟපෑම සඳහා අවස්ථාව ලබා දෙන බව පවසමින් ඉන්ද්‍ර කුමාර් තමන් දෙවතාවක් දූෂණය කළ බවට එම නිරූපණ ශිල්පිනිය චෝදනා කර තිබේ.

එම චෝදනා මත ඉකුත් අප්‍රේල් මාසයේ දී ඉන්ද්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මේ වනවිට ඔහු ඉන්දීය රුපියල් 30,000 ක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.

ඉන්ද්‍ර කුමාර් බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වී ඇති අතර සල්මන් ඛාන් සමග රඟපෑ "Wanted" චිත්‍රපටය අතිශයින් ජනප්‍රියත්වයට පත් විය.

Rate this item
(0 votes)