April 17, 2024

හඳට වෙඩිතබා අත්අඩංගුවට පත්වෙයි

හඳට වෙඩි තැබීමට උත්සාහ කළ ඇමෙරිකානු ජාතිකයකු ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ පදිංචි කැමරන් රීඞ් නම් 39 හැවිරිදි පුද්ගලෙකි.පසුගිය සිකුරාදා රාතී‍්‍රයේ තමන්ට වෙඩි හඩ කිහිපයක් ඇසෙන බවට ඇරිසෝනාහි පෙස්කොට් වෙලී ප‍්‍රදේශයේ පදිංචිකරුවන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 තමන් සඳට වෙඩි තැබීමට කාලයක සිට සැලසුම් කළ බවත් එදින එම අත්හදා බැලීම සිදු කළ බවත් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව කැමරන් විසින් පවසා ඇත.එදින තමන් අත්හදා බැලීම සඳහා සිදු කළ වෙඩි තැබීමේදී තම උණ්ඩය අඩි 4000ක් පමණ ඉහළ අහසට ගිය බවත් කැමරන් වැඩිදුරටත් පවසා තිබේ. කෙසේ වෙතත් මෙය අනාරක්ෂිත වෙඩි තැබීමක් හේතුවෙන් කැමරන් රීඞ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා ඇත. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 June 2014 16:09