March 29, 2024

ලොව වටිනාම මුද්දරය දැන් වෙන්දේසියේ

ලොව වටිනාම මුද්දරය දැන් ලන්ඩන් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය තව නොබෝ දිනකින් ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සකට පමණ අළෙවි වනු ඇතැයි ද පැවසේ.මේ මුද්දරය 1856 දී දකුණු ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදයක මුද්‍රණය කරන ලද්දකි. එහි වටිනාකම ශතයකි. දම්පැහැති කඩදාසියක එය මුද්‍රණය කැර ඇත.මේ මුද්දරය අවසන් වරට ප්‍රදර්ශනය කරන ලද්දේ 1986 වර්ෂයේ දී ය. අවස්ථා තුනකදී පමණක් මෙම මුද්දරය ප්‍රසිද්ධ වෙන්දේසියේදී විකුණී ඇති අතර එම අගය මුද්දරයක් සඳහා වු ඉහළම අගය සඳහා ලෝක වාර්තාවක් තබා තිබේ.

නිව්යෝර්ක් හි ජුනි 17 වෙනිදා පවත්වන වෙන්දේසියේදී මෙම විශිෂ්ඨ තැපැල් මුද්දරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන විස්සක මිලක් ලැබේ යැයි බලාපොරොත්තු තබා ඇත..1873 දි දකුණු ඇමරිකාවේ ඇති බ්‍රිතාන්‍ය කොලනියක් වු ගුආනා හි වාසය කරණ ස්කොට්ලන්ත ජාතික ළමයෙකුට තම පවුලේ තොරතුරු සටහන් ව ඇති කඩදාසි අතර තිබී හමුවි ඇති මෙම කදිම මුද්දරය ඔහුගේ මුද්දර එකතුවට එක්කරගෙන තිබේ. නමුත් මෙම මුද්දරය දුර්ලබ ගනයේ එකක් බව ඔහු දැන සිටියේ නැත.පසුව මෙම ළමයා විසින් එම වසරේදී ම අඩු මුදලකට මුද්දරය විකුණා ඇති අතර වසර පහක් තුල ඕස්ට්‍රෙලියානු වංශාධිපතියෙක් හා කීර්තිමත් මුද්දර එකතුකරන්නකු වු පිලිපේ ලා රෙනොටයිරේ වොන් ෆිරරෙ ගේ මුද්දර එකතුවට ගෙන තිබේ.

මෙම වංශාධිපතියා තම මුද්දර එකතුවේ උරුමය බර්ලින් කෞතුකාගාරයට පවරා දීමෙන් පසුව 1920 දී පළමු ලෝක යුද්ධයේ ජර්මනියේ වන්දි ලෙස ප්‍රංශයේ සන්තතියට පත්ව ඇත. ඔවුන් මුද්දරය නිව්යොර්ක් හි ධන කුවේරයෙකුට විකුණා ඇත.අවසානයේදී 1980 දී රසායන ද්‍රව්‍ය සමාගමක අයිතිකරුවෙක්වු ජෝන් ඩු පොන්ට් විසින් වාර්තාගත මිලක් වු පවුම් 560,000 ක මුදලකට මේ මුද්දරය ලබාගෙන තිබේ.දැන් සෝතිබිස්ගේ වෙන්දේසි කරුවන් විසින් මුද්දරය යළි වෙන්දේසි කිරීමට සූදානම්ව ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ වන ඩේවිඩ් රෙඩන් පවසන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ හමුවු විශ්මය ජනක දෙය නම් මෙම මුද්දරය බවයි.

(සුදේශ් කරුණාතිලක) 

Rate this item
(0 votes)