April 19, 2024

කරච්චි ගුවන්තොටුපළට පහරදුන් පුද්ගලයින්ගේ ඡයාරූප නිකුත් වේ

පාකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපළට ප‍්‍රහාර එල්ල කළ විදේශිකයන් ලෙස පෙනුණේ යැයි කියූ තලෙයිබාන් සටන්කාමීන්ගේ ඡයාරූප අනාවරණය වී තිබේ.

මෙම ප‍්‍රහාරයට පැමිණියේ තලෙයිබාන් සංවිධානයේ උස්බෙකිස්ථාන් සාමාජිකයන් 10 දෙනකු බව එම සංවිධානයේ ඉස්ලාමීය ව්‍යාපාරය විසින් ඡායාරූප නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

ප‍්‍රහාරයේ සීසීටීවී දර්ශන විමර්ශනය කළ විශේෂඥයින් පවසා තිබුණේ පෙනුමෙන් සටන්කාමීන් විදේශිකයන් වන බවයි.

එය තහවුරු කරමින් ඉස්ලාමීය ව්‍යාපාරය උස්බෙකිස්ථාන් සටන්කාමීන්ගේ මෙම ඡයාරූප පෙළ නිකුත් කර තිබිණ.

Rate this item
(0 votes)