April 19, 2024

කරච්චි ගුවන්තොටුපොළේ යළි වෙඩි හුවමාරු

පකිස්ථානයේ කරච්චි ගුවන්තොටුපොළ තුළ යළි වෙඩි හුවමාරු සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම වාර්තාවලට අනුව වෙඩි හඬ ගුවන්තොටුපොළ දෙසින් වාර්තාවීමත් සමග ආරක්ෂාව සඳහා අතිරේක බලඇණි කැඳවීමට ද පකිස්ථාන බලධාරීන් පියවර ගෙන තිබේ. 

ඊයේ රාත‍්‍රියේ කරච්චි ගුවන්තොටුපොළට එල්ල වූ සන්නද්ධ ප‍්‍රහාරය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 23 දෙනෙක් මරණයට පත් ව ඇත.

ඉන් පුද්ගලයින් 10 දෙනෙක් ප‍්‍රහාරයට පැමිණි සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් බව වාර්තා වේ.

ඊට අමතර ව ගැටුම් හේතුවෙන් ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් 08 දෙනෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ රාත‍්‍රියේ ඇති වූ ගැටුම අද අලූයම වනවිට පාලනය කළ බව පකිස්ථානු බලධාරීන් ප‍්‍රකාශ කර ඇත.

එම ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් සටන්කාමීන් විසින් භාරගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

Rate this item
(0 votes)