April 23, 2024

චීනයේ ‘නිරුවත් නිලධාරීන්‘ කරළියට 

චීනයේ දකුණු පළාතට අයත් ගුවාන් ඩොන්ග් පළාතේ පමණක් දහසකට වැඩි නිලධාරීන් සංඛ්‍යාවක ගේ භාර්යාව හෝ දරුවන් විදේශ රටවල ජීවත් වන බව මැතක දී සිදුකළ දුෂණ විරෝධී සමීක්ෂණ මගින් හෙළිවී ඇතැයි වාර්තා වෙයි.

බොහෝ නිලධාරීන් නීත්‍යානුකුල නොවන ආකාරයට ලබාගත් මුදල් මෙසේ රටින් පිට ජීවත් වන තම ඥාතීන් වෙනුවෙන් වියදම් කරන බව බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි. 

“නිරුවත් නිලධාරීන්” ලෙස ප්‍රචලිත වී ඇති මෙම රාජ්‍ය නිලධාරීන් එලෙස හඳුන්වනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් ලෙස ඉතා අඩු බඩු භාණ්ඩ හා දේපළ ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බැවිනි.

මේ තත්වය මත ගුවාන් ඩොන්ග් පළාතේ ඇතැම් “නිරුවත් නිලධාරීන්” විසින් තම විදේශගත ඥාතීන් යළි සියරට කැඳවනු ලැබ ඇති අතර අනිකුත් නිලධාරීන් ගේ තත්ත්වය පහත දැමීමට ලක්වී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 June 2014 12:16