April 24, 2024

ලෝකයේ භයානකතම ඔන්චිල්ලාව

ඉක්වඩෝරයේ කඳු සහිත බැනොස් ප්‍රදේශයේ පවතින ගිරි දුර්ගය ඔස්සේ බෙල්ලා විස්ටා යන ස්ථානයට ගමන් කරද්දී ලා කාඩා ඩෙල් ආර්බෝ (ගසක තැනු නිවසක්) යනුවෙන් හඳුන්වනු ලබන ස්ථානය හමුවේ. එහි නමේ අරුත වන්නේ ගසක් මුදුනේ දැව වලින් සැදු නිවසක් යන්නය. එම ගස පිහිටා ඇත්තේ මීටර් 2660 ගැඹුරු ගිරි දුර්ගයේ කෙළවරය. එතැනින් පහළට ඇත්තේ දැවැන්ත ප්‍රපාතයකි.මේ විශාල ගසේ අත්තක ලණු දෙපොටක් දමා ලී ලෑල්ලක් යොදා සාදා තිබෙන ඔන්චිල්ලාවක් වෙයි. එය ත්‍රාසජනක අත්දැකීම් අත්විඳීමට තැත් කරන අයගේ ජනප්‍රියතම ස්ථානයක් වී ඇත.

මේ ස්ථානයට පැමිණෙන බොහෝ දෙනා අතරේ මෙම ඔන්චිල්ලාව පැදීමට මහත් සේ රුචියක් ඇතත් එය අතිශයින්ම භයානක අත්දැකීමක්. අතක් ලිස්සා ගියහොත් හෝ ඔන්චිල්ලාවේ ලෑල්ල බිඳී ගියහොත් හෝ ලණුව කැඩී ගියහොත් හෝ නියත මරණය සිදුවන්නේ එම ගැඹුරු ප්‍රපාතයට ඇද වැටීම නිසාය.ලෝ වටා ත්‍රාසය සොයා යන 30 හැවිරිදි සිල්වියා පචොව්ස්කා මේ ස්ථානයට පැමිණියේ ස්ලොවැකියාවේ සිටය.

“මම මේ ඔන්චිල්ලාව ගැන දැනගත්තේ මගේ මිතුරියගෙන් මීටර් 2660 ක උසින් සිට හිස් අහසේ ඔන්චිලි පැදීම ගැන මට මුලින් බියක් ඇතිවුණා. ඒත් ඔන්චිල්ලාවට නැඟලා එය හිස් අහසේ ඒ මේ අතර වැනෙන විටත් පහත බලන විට පෙනෙන අති ගැඹුරු ප්‍රපාතයත් දැකීම මට අමුතුම අත්දැකීමක් වුණා. ඒ වගේම ජීවිත බේරා ගැනීම සඳහා කිසිඳු අන්දමේ ක්‍රියාවලියක් නැති බවත් දැනගත් නිසා ලණු පොටවල් දෙකක් තදින් අල්ලාගෙන හිටියා” යැයි ඇය කීවාය.මේ ඔන්චිල්ලාව “ලෝකයේ අද්දර පිහිටි ඔන්චිල්ලාව” ලෙස හඳුන්වා තිබීමෙන් මේ අත්දැකීමේ ඇති භයානක භාවය හොඳින් පැහැදිලි වෙයි

(සුදේශ් කරුණාතිලක)

Rate this item
(0 votes)