නව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ප්‍රථම විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොමැති රටක් තෝරාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෝඩිගේ දිවුරුම්දීමේ උළෙලට සහභාගී වූ දකුණු ආසියාතික රටවල් සියල්ලේ ම රාජ්‍ය නායකයින් සිය රටවල සංචාරය කරන ලෙස නරේන්ද්‍ර මෝඩි මහතාට ඇරයුම් කර තිබේ.
භූතාන අග්‍රාමාත්‍ය ටොබ්ගේ කළ ආරාධනය පිළිගෙන අගමැති මෝඩි ජූනි මස අවසානයේ දී භූතානයේ චාරිකාවක නිරතවීමට නිටමිතයි.
අනතුරු ව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බ්‍රසීලයේ පැවැත්වෙන බි්රක්ස් සමුළුව සඳහා සභභාගීවන බව ද වාර්තා වේ.