April 25, 2024

තාත්තාගේ බලපත්‍රය පුතා කුරුටු ගායි

ඔබත් කුඩා දරුවෙකුගේ මවක හෝ පියෙකු නම් ඔවුන්ට පෑනක් ලබා දීමේදී සැළකිලිමත් වන්න. එසේ නොවුන හොත් ඔබත් මෙම අසරණ පියාට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයටම මුහුණ දීමට ඉඩ තිබේ.මෙම ඡායාරූපයේ දැක්වෙන විදේශ ගමන් බලපත්‍රයේ හිමිකරුවා වන්නේ චෙන් නැමති චීන ජාතික පියෙකි.ඔහුට දකුණු කොරියාවේ ගුවන් තොටුපළින් නික්ම යාමට නොහැකි වූයේ මෙහි දැක්වෙන ආකාරයට ඔහුගේ ගමන් බලපත්‍රය ඔහුගේ සිව් හැවිරිදි පුතාගේ චිත්‍ර වලින් වැසී තිබු හෙයිනි.ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අදාළ ගමන් බලපත්‍රය හඳුනා ගත හැකි තත්වයෙන් නොපවතින බව පවසමින් ඔහුට පිටව යාමට අවසර ලබාදී නොමැත.මෙම ඡායාරූපය කරදර රැසක පැටලුණු පියා විසින් වෙයිබො නැමති සමාජ වෙබ් අඩවියක පළ කර උදවු ඉල්ලා ඇත.

(සුදේශ් කරුණාතිලක)

Rate this item
(1 Vote)
Last modified on Friday, 06 June 2014 14:34