April 25, 2024

මෙන්න 'ගූගල්'වෙතින් ස්වයංක්‍රීය කාර් එකක්

ගූගල් සමාගම විසින් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.මෙම මෝටර් රථ තුල කිසිම ආකාරයක සුක්කානමක් හෝ පාලන උපකරණයක් අන්තර්ගත නොවීම එහි විශේෂත්වයයි.එහි අනතර්ගත වන එකම පාලක උපකරණ වන්නේ ධාවනය ආරම්භ කිරීම සහ නැවැත්වීම සඳහා එබිය යුතු බොත්තම් දෙක පමණයි.මෙම රථය තුල මගීන් දෙදෙනෙකු සඳහා ඉඩ පහසුකම් සැළසෙන අතර මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුල් කාලීනව එහි ධාවන වේගය පැයට කිලෝ මීටර 40 දක්වා සීමා වේ. මෙම රථය ස්වයංක්‍රීයව ධාවනය වීම සඳහා රේඩාර් කිරණ සහ ලේසර් කිරන වල සංකලණයක් සහ කැමරාවලින් ලබාගන්නා දත්ත භාවිතා කරයි.

ගූගල් සිතියම් ආධරයෙන් මාර්ගය හඳුනා ගන්නා මෙම රථය ධාවනය වන්නේ විදුලි බලයෙනි.එහි ඉදිරි කොටස මගීන්ට වැඩි ආරක්ෂාවක් සපයන අකාරයට නිර්මාණය කර ඇති අතර එහි බාහිර ස්වරූපය ඉතා මිත්‍රශීලී ස්වභාවයක් ගනියි.දැනටමත් මෙහි මූලික පර්යේෂණ කටයුතු කර අවසාන බව ගූගල් සමාගම පවසයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 09:46