April 19, 2024

1966 අද වැනි දවසක 

රත්‍රන්වලින් සාදා තිබූ ජුල්ස් රයිමෙට් ට්‍රොෆි නමැති පාපන්දු වල්ඩ් කප් එක ප්‍රදර්ශනයට තබා තිබිය දී 1966 වසරේ අද වැනි දවසක සොරකම් කර තිබේ.

ලන්ඩන්වල වෙස්මින්ටර් නගරයේ පැවති ප්‍රදර්ශනයක දී පවුම් 30,000 ක් පමණ වටිනා එම වල්ඩ් කප් එක සොරකම් කර ඇත.

එම ප්‍රදර්ශනය තිබූ ගොඩනැගිල්ල අසල වූ ගොඩනැගිල්ලේ කතෝලික සැමරුම් උත්සවයක් තිබී ඇති අතර එම අවස්ථාවේ දී එය අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ද සිටින අවස්ථාවක දී එම සොරකම් සිදු ව ඇත.

පාපන්දු සංගම් මණ්ඩලයේ උප සභාපති ජැක්ස් ස්ටුවඩ් එහි වරද භාර ගැනීමට අකමැති වී තිබේ.

ඒ සම්බන්ධයෙන් සැක කළ හැකි පුද්ගලයෙක් එම ගොඩනැගිල්ලේ හිඳ ඇති බවත් ඔහු සාමාන්‍ය උස වයස අවුරුදු 30 ක් පමණවන මුහුණේ කැළලක් සහිත පුද්ගලයෙක් බවත් පොලීසිය සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)