March 29, 2024

අමෙරිකානු යුද ගුවන් යානයක් නිවසක් මතට (වීඩියෝ සහිතයි)

අමෙරිකානු ගුවන් හමුදා ජෙට් යානයක් එරට කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවසක් මතට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සැන් ඩියෙගෝ නගරයේ සිට කිලෝමීටර් 144 ක් නැගෙනහිර ප්‍රදේශයේ දී එම අනතුර සිදු වී ඇත.

ජෙට් යානය කඩා වැටීමෙන් අනතුරු ව අදාළ නිවස ගිනි ගෙන තිබේ.

අනතුරට පත් වූ ජෙට් යානයේ නියමුවා බේරාගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

"AV-8B Harrier jet" නමැති යුද ගුවන් යානය එලෙස අනතුරට ලක් ව ඇත.

යානය කඩා වැටුණු මොහොතේ විශාල ශබ්දයක් ඇති වූ බවත් එම අවස්ථාවේ දී නිවසේ සිටි දරුවන් දෙදෙනා ද රැගෙන ඇය නිවසින් වහා ඉවත් ව ගිය බවත් එම නිවසසේ පදිංචි ව සිටි 45 හැවිරිදි ඒඩ්‍රියානා රාමෝස් සඳහන් කර තිබේ.

එම සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර අමෙරිකානු ගුවන් හමුදාව ඒෙ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)