April 19, 2024

දකුණු අප්‍රිකාවේ අධ්‍යාපනයට චෝදනා

දකුණු අප්‍රිකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගණිතය සහ විද්‍යාව සඳහා හිමි ස්ථානය ලොව පහළම මට්ටමක පැවතීම සම්බන්ධයෙන් එරට රජය ඉහළ අවධානයක් යොමු කළ යුතු බවට දකුණු අප්‍රිකාවේ විරුද්ධ පක්ෂය පෙන්වා දේ.

ගණිත, විද්‍යා සහ තාක්ෂණික විෂය උගන්වන ගුරුවරුන්ගේ හැකියා සම්බන්ධයෙන් ද පූර්ණ විගණනයක් පැවැත්විය යුතු බව ප්‍රජාතාන්ත්‍රික සන්ධානය ප්‍රකාශ කරයි.  

දකුණු අප්‍රිකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ද ප්‍රමාණවත් සේවයක් සිදු නොකරන බවට ද ඔවුහු චෝදනා කරති.

සිංගප්පූරුව, ෆින්ලන්තය, බෙල්ජියම, ලෙබනනය සහ ස්විට්සර්ලන්තය යන රටවල ගණිත විද්‍යා අංශයේ ඉහළ ම අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයින් සිටී.

Rate this item
(0 votes)