March 29, 2024

ජැක්ලින් ආකර්ශණීය ම කතුන් අතරට (වීඩියෝ සහිතයි) 

ඉන්දියාවේ වඩා ත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තුන් වැනි ස්ථානය ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර ප්‍රථම  ස්ථානය දීපිකා පාදුකෝන්ට හිමි ව ඇති අතර දෙවැනි ස්ථානය කත්‍රිනා කයිෆ්ට හිමි වී තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) පුවත්පත කළ සමීක්ෂණයකින් අනතුරු ව ජැක්ලින් එම ස්ථානයට පත් ව ඇත.

තමන් පිළිබඳව ඉන්දීය ජනතාව දක්වන ආකර්ෂණය තමාට ශක්තියක් බවත් ඒ සම්බන්ධයෙන් තමන් බොහෝ සතුටුවන බවත් ජැක්ලින් සඳහන් කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 05 June 2014 09:53