April 20, 2024

රුසියාවට තවදුරටත් ආර්ථික සම්බාධක

රුසියාවට තවදුරටත් ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට ජී 7 සමුළුව නියෝජනය කරන රටවල් එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජී 7 සමුළුව නියෝජනය කරන අමෙරිකාව, ප‍්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල රාජ්‍ය නායකයින් ඊයේ (04) ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අතර මේ දිනවල නැගෙනහිර යුරෝපයේ සංචාරයක නිරත ව සිටින ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හෙට (06)  ප‍්‍රංශයට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටීන් ද (06) හෙට දිනයේ ප‍්‍රංශයට පැමිණීමට නියමිතයි.

කෙසේ වුව ද අමෙරිකානු, රුසියානු රාජ්‍ය නායකයින්  එකිනෙකා මුණ ගැසීමෙන් වළකිනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.

Rate this item
(0 votes)