April 16, 2024

නෙදර්ලන්තයේ පිපිරීමක් 

නෙදර්ලන්තයේ - රොටර්ඩෑම් නගරය ආසන්නයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ෂෙල් සමාගමට අයත් එම කර්මාන්ත ශාලාවේ සිදු වූ එම පිපිරීම කිලෝමීටර් 30 ක් ඈතට ඇසී ඇති බවත් පිපිරීමත් සමග කර්මාන්ත ශාලාවේ ගින්නක් ද හට ගත් බවත් වාර්තා වේ.

එම පිපිරීමෙන් ජීවිත හානි සිදු වී නොමැති අතර එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලැබුව ද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දේ.

Rate this item
(0 votes)