April 25, 2024

මෝඩි පත්කළ ඇමතිවරයෙක් මියයයි(වීඩියෝ සහිතයි)

ඉන්දියාවේ නව අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ග්‍රාමීය සංවර්ධන ඇමතිවරයවන ගෝපිනාත් මුන්ඩේ දිල්ලි නුවර දී සිදු වූ රිය අනතුරකින් මියගොස් තිබේ.

ගෝපිනාත් මුන්ඩේ මිය යන විට හැට හතර වැනි වියේ පසු විය.

තම උපන් ප්‍රදේශය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය බලා යමින් සිටියදී මෙම රිය අනතුර සිදු වී ඇති බව ඉන්දීය මාධය වාර්තා කරයි.

පිටුපස අසුනේ සිටි ඔහු කම්පනයට ලක්වී හෘදයාබාධයකට ගොදුරුවීම හේතුවෙන් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 June 2014 15:27