April 25, 2024

රුසියාවෙන් බටහිරට තර්ජන 

ක්‍රිමියාවට පණවා ඇති සම්බාධක සම්බන්ධයෙන් රුසියාව බටහිර රටවලට තර්ජනයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රිමියාවට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අමෙරිකාවට සහ යුරෝපා සංගමයට අයත් රටවලට වන්දි ගෙවීමට සිදුවන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් සඳහන් කර තිබේ.

රුසියානු විදේශ අමාත්‍යවරයා ක්‍රිමියාව රුසියාවේ කොටසක් ලෙස ගිවිසුම් අත්සන් කර පැය කිහිපයක් ගතවීමට ප්‍රථම එම දුරකතන ඇමතුම ලබා දී තිබේ.

කෙසේ වුව ද රුසියාව සහ ක්‍රිමියාව අත්සන් කර ඇති ගිවිසුම රුසියාව සිදුකළ ඉඩම් කොල්ලයක් ලෙසට අමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)