April 24, 2024

උතුරු ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් අවලංගුයි 

ඉන්දුනීසියාවේ ගිනි කන්දකින් නැගුණු අති විශාල දුම් වලාකුළක් හේතුවෙන් උතුරු ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයට පැමිණෙන හා ඉන් පිටත් වන සියලු ගුවන් ගමන් සේවා අවලංගු කර ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

පසුගිය සිකුරාදා පිපිරීමට පටන් ගත් සැන්ගීන් ගිනි කන්දෙන් නැගුණු අති විශාල දුම් කඳ ඉන්දුනීසියාවට දකුණු දෙසින් ඇති ඔස්ට්‍රේලියාව දෙසට ඇදෙමින් තිබෙන බව වාර්තා වෙයි.

වර්ජින් ඕස්ට්‍රේලියා, කුවන්ටාස් සහ ජෙට්ස්ටාර් යන ගුවන් සේවා සමාගම් විසින් ඩාර්වින් නගරයට යැවෙන හා ඉන් පිටත්වන සියලුම ගුවන්ගමන් අත්හිටුවනු ලැබ ඇත.

 

Rate this item
(0 votes)