April 20, 2024

හර්බ් ජෙෆිරීස් 100 දී මරුට

අමෙරිකාවේ සහ අප්‍රිකාවේ නළුවෙක් මෙන් ම ගායකයෙක්වන හර්බ් ජෙෆිරීස් අවුරුදු 100 දී (Herb Jeffries) මරණයට පත් ව තිබේ.

චිත්‍රපට කිහිපයක මෙන් ම රූපවාහිනි කතා මාලා කිහිපයක ද රඟපා ඇති හෙතෙම ලොව ප්‍රථම කළු ජාතික කව්බෝයි (cowboy) ගායකයා ද වේ.

හෘද රෝගයකින් ‍පෙළුණ ඔහු ඉකුත් 25 වැනි දා කැලිෆෝනියාවේ වෙස්ට් (West Hills) හිල්ස්හි පිහිටි රෝහලක දී ඔහු මරණයට පත් ව ඇත.

1913 වසරේ උපත ලැබූ ජෙෆිරීස් ඉතියෝපියානු, සිසිලියන්, ප්‍රංශ, ඉතාලි සහ මුරුසි යන භාෂා දැන සිටි අතර ඔහු බටහිර චිත්‍රපට 05 ක ද ගීත ගායනා කර තිබේ. 

Rate this item
(0 votes)