March 29, 2024

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් 

උතුරු ඇෆ්ගනිස්ථානයේ ෆර්යාබ් ප‍්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක් ආසන්නයේ අද සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මරණයට පත් ව තිබේ.

ඉන් පුද්ගලයින් 27 දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයින් අතර කුඩා ළමුන් සහ කාන්තාවන් කිහිප දෙනෙක් ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.

Rate this item
(0 votes)