March 29, 2024

තන පුඩුවෙන් සිතුවම් මවන්නියක් 

සිය තන පුඩුවලින් සුන්දර සිතුවම් අඳින සිත්තරාවියක් අමෙරිකා එක්සත් ජනපදයේ සිටින බව වාර්තා වේ.

කිරා අයින් වර්සිගී (Kira Ayn Varszegi) නමැති එම සිත්තරාවිය සිය පියයුරු භාවිතයෙන් මේ වනවිට සිතුවම් සිය ගණනකට අධික ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ.

දිය සායම් භාවිතා කර එලෙස අපූරු සිතුවම් පියයුරුවලින් අඳින වර්සිගී මේ වනවිට ලෝකයම හඳුනන සිත්තරාවියක් බවට පත් ව ඇත.

එම සිතුවම් ලොව පුරා ව්‍යාප්ත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වර්සිගී දැඩි ප්‍රීතියෙන් පසුවන බව වාර්තා වේ.

සියළුදෙනා දෑතින් සිතුවම් අඳින බැවින් ඉන් වෙනස් වූ ආකාරයෙන් සිතුවම් ඇඳීමට තමා මීට වසර කිහිපයකට පෙර අදහස් කළ බවත් ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 May 2014 14:08