April 16, 2024

සෝමාලියා පාර්ලිමේන්තු ප්‍රහාරයේ වගකීම භාර ගනී

සෝමාලියාවේ ‘මොගඩිෂු’ අගනුවර පාර්ලිමේන්තුවට එල්ල කෙරුණු ප්‍රහාරයේ වගකීම අල්කයිඩා ජාලයට සම්බන්ධ ‘අල් ෂබාබ්’ ඉස්ලාමීය කැරලිකරුවන් විසින් භාර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇතුල් වීමේ දොරටුව අසලදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අනතුරුව සන්නද්ධ තුවක්කුකරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුන බවත් එම ප්‍රහාරයේදී 15 දෙනකුවත් මරණයට පත් වූ බව ප්‍රකාශයට පත් කර ඇති බවත් බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි. 

ප්‍රහාරය එල්ල වෙද්දී සභාගැබේ රැස් වෙමින් සිටි මන්ත්‍රීවරුන් ඉන් ඉවත් කර ගෙන ඇත. නමුත් එක් දේශපාලනඥයකුට තුවාල සිදු වූ බවත් වාර්තා වෙයි.

Rate this item
(0 votes)