April 19, 2024

මහජන මුදල් කොල්ල කෑ හොස්නි මුබාරක් හිරේට  

සිය පෞද්ගලික නිවස නවීකරණය කිරීමට මහජන මුදලින් ඩොලර් මිලියන 17.6 ක් වැය කිරීමට වරදකරු වූ ඊජිප්තුවේ හිටපු නායක හොස්නි මුබාරක්ට වසර 03 ක සිර දඬුවමක් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයාට දඬුවම් නියමවන අවස්ථාවේ ඔහුගේ පුතුන් දෙදෙනාවන ආලා සහ ගමාල්ද වරදකරුවන්වීම හේතුවෙන් වසර 04 බැගින් ඔවුන්ට ද සිර දඬුවම් නියම විය. 

ඔවුන් තිදෙනාට ඩොලර් මිලියන 03 ක දඩයක් ද නියම වූ අතර අයථා ලෙස ලබාගත් ඩොලර් මිලියන 17.6 ආපසු ගෙවීමට ද නියම කර ඇත.

86 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා 2011 වසරේ සිදු වූ ජනතා නැගිටීම මර්දනය කිරීමට අයථා ලෙස බලය යොදා ගැනීමේ චෝදනාවට ද ලක් වී තවත් නඩු විභාගයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 May 2014 10:58