March 29, 2024

සර්පයින් සමග ජීවත්වන ක්‍රිස්ටා

අමෙරිකාවේ මිචිගන්හි ජීවත්වන 09 හැවිරිදි  ක්‍රිස්ටා ග්වාරීනෝ නමැති දැරියක් කිසිදු සර්පයෙකුට බිය නොමැති බවත් ඇය ඇනකොණ්ඩා වැනි සතුන් පවා ඇඟේ දවටා ගන්නා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දැරිය දෛනික කටයුතු සිදු කිරීමේ දී පවා එම සරපයින්ගේ ඇසුරේ සිටින බව වාර්තා වේ. ඇතැම් අවස්ථාවල දී එම සර්පයින් ඇයට දෂ්ට කළ ද ඇය ඒවා ඒවා ගණන් නොගෙන සිටී.

සර්පයින් කෙරෙහි ඇති බිය නැති වී කැමැත්තක් ඇති වී ඇත්තේ සිය පියා හේතුවෙන් බවත් ජැමී නමැති පුද්ගලයා ඇයගේ පියාවන අතර ඔහු සර්ප විශේෂඥයෙක් බවත් වාර්තා වේ.

ග්‍රීෂ්ම සෘතුවේ දී ක්‍රිස්ටා සිය පියාගේ පර්යේෂණ කටයුතුවලට සහායවන අතර ඔවුන්ගේ ගොවිපොලෙහි සිටින සර්පයින්ට සහ කිඹුලන්ට කෑම බෙදන්නේ ද ක්‍රිස්ටා විසිනි. 

නිවාඩු දිනවල ක්‍රිස්ටා සිය පියා සමග කැලේ ඇවිද අධි විෂ සහිත විරල සර්පයින් සොයා යන අතර වැඩිහිටියකු වීමෙන් අනතුරු ව ඇය සර්ප ගොවිපොලක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින බැවින් මේ වනවිට ක්‍රිස්ටා ඒ සඳහා භූමි ප්‍රමාණයක් ද වෙන් කරගෙන තිබේ.

Rate this item
(0 votes)