April 25, 2024

බසය ගිනිගෙන ළමුන් 31 ක් මරුට

කොලොම්බියාවේ ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ගිනි ගැනීමෙන් ළමුන් 31 දෙනෙකු පිළිස්සී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොලොම්බියාවේ ෆන්ඩේෂියන් ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ළමුන් පිරිසක් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී මිය ගිය මුළු පිරිස 32 දෙනෙකි.

බස් රථය ගිනිගත් අවස්ථාවේ ළමුන් කිහිප දෙනෙකු වීදුරු කඩා බසයෙන් පිටතට පැන බේරී තිබේ.

මෙම ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කොලොම්බියානු බලධාරීහු පවසති.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 May 2014 14:11