April 25, 2024

කොරියාවේ වෙරළාරක්ෂක සේවය විසුරුවයි

දකුණු කොරියාවේ වෙරළාරක්ෂක සේවය විසුරුවා හැරීමට තීරණය කළ බව දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගුන් හේ නිවේදනය කර ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

පසුගිය මාසයේ නෞකාවක් ගිලීයාමෙන් පාසල් සිසුන් ඇතුළු තුන් සියයකට අධික පිරිසක් මරණයට පත්වීමෙන් අනතුරුව ජනාධිපතිනිය මෙම තීරණය ගෙන ඇත.

විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ප්‍රමාණවත් යමක් සිදු කර නොමැති බවට දකුණු කොරියානු වෙරළාරක්ෂක සේවයට චෝදනා එල්ල වී තිබේ.

වෙරළාරක්ෂක සේවය සතු රාජකාරි ජාතික හදිසි ආරක්ෂක මණ්ඩලයට පවරා ඇති අතර පරීක්ෂණ පැවත්වීම පොලිසියට භාර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 May 2014 12:09