April 25, 2024

පොලීසියේදී කළ ඝාතනයක්

පකිස්තානයේ පොලීසියකට ඇතුළු වූ  පුද්ගලයෙකු විසින් සුළු ජන වර්ගයකට අයත් ඉස්ලාම් ජාතිකයෙකු පොලීසිය තුළ දී වෙඩි තබා ඝාතනය කළ බව පකිස්තාන බලධාරීහු පවසති.

එම වෙඩි තැබීම සිදු වෙද්දී පොලිස් සිර කුඩුවක සිටි 65හැටපස් වියැති කලීල් අහමඩ් නැමැත්තා දෙවියන්ට අපහාස කළේ යැයි චෝදනා ලැබ මෙසේ ඝාතනයට ලක්වූ බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

පසුගිය දා පන්ජාබ් ප්‍රාන්තයේ ගම්මානයක පොලිස් ස්ථානයක දී මෙම ඝාතනය සිදු වී ඇත්තේ ඊට දින හතරකට පෙර දෙවියන්ට අපහාස කිරීමට එරෙහිව ඇති පකිස්තාන නීතිය යටතේ අත් අඩංගුවට ගත් කලීල් අහමඩ් නැමැත්තා පොලිස් රැඳවුම් භාරයේ සිටියදී ය.

 

Rate this item
(0 votes)