April 18, 2024

මෝඩි දිල්ලියට

වාර්තාගත මැතිවරණ ජයග්‍රහණයකින් ඉන්දියාවේ නව අගමැතිවරයා වීමේ වරම් ලද නරේන්ද්‍ර මෝඩි දිල්ලි නගරයේදී එම ජයග්‍රහණයෙන් සමරන  ඡන්ද දායකයන් හමුවී තම කෘතඥතාවය පළ කළ බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

තේ විකුණන්නකු ලෙස ජීවිතය අරඹා කෝටි සීයකට අධික ජනතාවගේ නායකයා බවට පත් මෝඩි අති විශාල ජනකායක් ගමන් ගත් දිගු පෙරහැරකින් ගුවන්තොටුපලේ සිට භාරතීය ජනතා පක්ෂ මුලස්ථානය වෙත පැමිණි බව එම මාධ්‍ය වාර්තා කළේ ය.

බෙර වාදකයන් හා හොරණෑකරුවන්ගෙන් සමන්විත පෙරහැරට එක්ව සිටි ජනයා වීදි බැස ජයග්‍රහණය සමරද්දී දිල්ලි නගරය පුරා ආරක්ෂාව තර කොට තිබුණි.

Rate this item
(0 votes)