April 24, 2024

නයිජීරියාවේ මාරාන්තික ගැටුමක් 

නයිජීරියාවේ ජනවාර්ගික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් 100 කට වැඩි පිරිසක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි ලෙස සන්නද්ධ කණ්ඩායමක් ගම්මාන 03 කට කඩා වැදී එම සමූල ඝාතනය සිදු කර ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳ කිසිම කණ්ඩායමක් වගකීම භාරගෙන නොමැති වුව ද ෆුලානි ජනවර්ගයට අයත් ගම්වැසියන් එම ක්‍රියාව පිටුපස සිටින බව එහි ගම්වැසියෝ ප්‍රකාශ කරති.

මරණයට පත් පුද්ගලයින් හඳුනාගත නොහැකි තරමට දරුණු ලෙස පිලිස්සී තිබේ.

Rate this item
(1 Vote)