March 29, 2024

යුක්රේන් වැඩබලන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

‘කීව්’ පාලනයෙන් නිදහස් වීම සඳහා පැවැත්වීමට යන ජනමත විචාරණවලදී ඡන්දය දීම සම්බන්ධයෙන් නැගෙනහිර යුක්රේනයේ ජනතාවට යුක්රේන් වැඩබලන ජනාධිපති, අලෙක්සන්දර් තුර්නිචොෆ් අනතුරු ඇඟවීමක් කර තිබේ.

යුක්රේන් වැඩබලන ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ නැගෙනහිර යුක්රේනයේ ජනමත විමසුමේ සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි. 

නැගෙනහිර යුක්රේනයේ පැවැත්වීමට යන ජනමත විචාරණය ස්වයං-විනාශකාරී ක්‍රියාමාර්ගයක් බව වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත.

නැගෙනහිර යුක්රේනය බෙදී වෙන්වුවහොත් එය නිමක් නොවන විනාශයකට මග හෙලි කිරීමක් වනු ඇති බවත් එමගින් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය ද සමාජීය සියලු වැඩසටහන් ද අඩාල වනු ඇති බවත් යුක්රේන් වැඩ බලන ජනාධිපති අලෙක්සන්දර් තුර්නිචොෆ් පවසයි.

 

ඡයා රූ - බීබීසි

 

Rate this item
(0 votes)