April 26, 2024

තායිලන්තයේ පක්ෂ විපක්ෂ ආධාරකරුවන් එක්රැස් වෙයි

බලයෙන් ඉවත් කළ තායිලන්ත අගමැතිනි යින්ලුක් සිනවත් ගේ ආධාරකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ මහජන රැළියක් සඳහා බැංකොක් අගනුවර බටහිර සීමාවේ එක්රැස් වෙමින් සිටින බව වාර්තා වෙයි.

අගමැතිවරිය සහ ඇයගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනෙක් පදවිවලින් නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව මහජන ඡන්දයෙන් තේරී පත් නොවූ පාලනයක් බලයට ගෙන ඒමට සැරසෙන බවට එම ආධාරකරුවෝ විපක්ෂයට චෝදනා කරයි.

අගමැතිනි යින්ලුක් සිනවත් සහ එම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් නව දෙනා ඔවුන් බලය අයුතු ආකාරයට පාවිච්චි කර ඇති බව පවසා එය තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීන්දු කරනු ලැබීමෙන් පසුව එම පදවිවලින් ඉවත් කළේය. 

එම උද්ඝෝෂණයට අමතරව තායිලන්ත විපක්ෂයේ ආධාරකරුවන්ද මහජන රැළියක් ද ඇතුළුව විරෝධතා පෙළපාලියක් බැංකොක් අගනුවර පැවැත්වීමට සංවිධානය කිරීම හේතුවෙන් දහස් ගණනක පොලිස් බලකායක් සීරුවෙන් තබා ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

Rate this item
(0 votes)