March 28, 2024

පරීක්ෂණයක් අරඹන ලෙස අමෙරිකාව පකිස්තානයට කියයි

දෙවියන්ට අපහාස කළා යැයි චෝදනා ලැබූ ගුරුවරයකු වෙනුවෙන් පෙනී සිටි පකිස්තාන් නීතිඥවරයකු මරා දැමීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස අමෙරිකාව පකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

පසුගිය 07 වැනි දා රාත්‍රියේ මුල්තාන් නගරයේ දී නීතිඥ රෂීඩ් තම කාර්යාලයේ සිටියදී වෙඩිතබා මරා දමා තිබුණි.

මහමත් නබි නායකතුමාට අපහාස කළ බවට පසුගිය මාර්තු මාසයේ මුස්ලිම් අන්තවාදීන් ගේ චෝදනා වට ලක්වූ ගුරුවරයෙකු වෙනුවෙන් එම නීතිඥවරයා පෙනී සිට ඇත.

එම ඝාතනය ට එරෙහිව පකිස්තානය පුරා මානව හිමිකම් ක්‍රියාධරයන් හා නීතිඥයින් විසින් විරෝධතා පවත්වනු ලැබිණි.

 

Rate this item
(0 votes)