March 28, 2024

ඉන්දීය මහා මැතිවරණය අවසන් අදියරට

මෙවර ඉන්දීය මහා මැතිවරණයේ නව වැනි සහ අවසන් අදියරේ ඡන්ද විමසීම් 12 වැනි දා පැවැත්වෙන බව වාර්තා වේ.

ඉන්දියානු මහමැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසාන දිනය ලෙස 10වැනි දා ප්‍රකාශ කර ඇත. ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අන්තිම මොහොතේත් දැඩි ප්‍රචාරක ව්‍යාපාරයක නිරත වෙමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ ය.

ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ (BJP) අගමැති ධූර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි මෙම මහමැතිවරණයට තරඟ වදින්නේ බරණැස් නුවර ඡන්ද කොට්ඨාශයකිනි. බරණැස හින්දු ජනයාගේ ශුද්ධ නගරයක් ලෙසයි සැලකේ.

ජාතික මට්ටමේ මහජන මත විමසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ පාලක කොංග්‍රස් පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත් විය හැකි බවයි.

ඉන්දියානු මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 16 දහසය වැනිදා  ආරම්භ වන බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

Rate this item
(0 votes)