April 19, 2024

ක්‍රයිමියාව රුසියාව සමඟ එක්වෙයි

ක්‍රයිමියාව, රුසියාව සමඟ එක් වීම සම්බන්ධයෙන් මහජන මතය විමසිම ඉකුත් 16 වැනිදා පැවති අතර එහිදී  යුක්‍රේනයේ, ක්‍රයිමියා කලාපයේ 95%කට අධික බහුතරයක් රුසියාව සමඟ එක් වීමට කැමැත්ත පළ කර තිබේ.

රුසියාව සමඟ එක් වීමට 17 වැනිදා ඉල්ලුම් කරන බව ක්‍රයිමියානු  නායකයා පවසා ඇති අතර ක්‍රයිමියාවේ ජනතාවගේ තීරණය ට තමන් ගරු කරන බව ද රුසියානු ජනාධිපති විලැඩිමිර් පුටින් පවසයි.

යුක්‍රේනයට පක්ෂපාති ක්‍රයිමියානු වැසියන් බහුතරයක් මෙම ජනමත විචාරණය වර්ජනය කළ බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)