April 18, 2024

නාදුනන අයෙක් හමුදාව බිලි ගනී

ඊජිප්තුවේ කයිරෝ නුවරට නුදුරින් ඇති හමුදා පිරික්සුම් පොළක් වෙත නාඳුනන තුවක්කුකරුවකු විසින් එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් හමුදා සොල්දාදුවන් පස් දෙනෙකු වත් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම හමුදා පිරික්සුම් පොළට නුදුරින් තිබූ බෝම්බ දෙකක් ද නිෂ්ක්‍රීය කර ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

මේ අතර 13 වැනි දා කයිරෝ නුවරදී මුහුණ ආවරණය කරගත් තුවක්කුකරුවකු විසින් හමුදා බස් රථයකට වෙඩි තැබීමෙන් එක් හමුදා නිලධාරියකු මරණයට පත්වු අතර තවත් තුන් දෙනෙකුට තුවාල සිදුවිය.

මෙම ප්‍රහාරය නීති විරෝධී ක්‍රියාවන්හි නිරත කණ්ඩායමක් වන ඉස්ලාමීය සහෝදරත්වය වෙත හමුදාවේ දෝෂාරෝපණය එල්ල වී ඇත. 

 

ඡායා රූ - බීබීසි

Rate this item
(0 votes)