March 29, 2024

පින්ලන්තයේ ගුවන් යානා අනතුරක් 

පින්ලන්තයේ අහස් පිමි පනින්නන් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ ගුවන් යානයක් ජමිජාවි නගරය අසලට ඇද වැටීම හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙක් මරණයට පත් ව තිබේ.

එම යානය අනතුරට ලක්වීමට පෙර නියමුවා ඇතුළු තිදෙනකු ඉවතට පැනීමට සමත් වී ඇති අතර එම පුද්ගලයින් රෝහල් ගත කර ඇත.

එම ගුවන් යානය බිමට ඇද වැටීමට පෙර යාන්ත්‍රික දෝෂයකට ලක් වූ ආකාරයක් දිස් වූ බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙක් සඳහන් කර තිබේ.

ජමිජාවි ගුවන්තොටුපොල පුහුණුවීම් සඳහා හෝ විනෝදාස්වාදය සඳහා ගුවන් යානා පැදවීම් සම්බන්ධයෙන් ඉතා ජනප්‍රිය වේ.

Rate this item
(0 votes)