March 28, 2024

ශ්‍රී ලංකා ආර්ථිකයේ තත්ත්වය තවත් දරුණුයි! ADB නිවේදනය කරයි

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.4%ක් දක්වා අඩුවිය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනය කරනවා.

"ආසියානු සංවර්ධන ඉදිරි දැක්ම" නම් වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වැඩිවන රාජ්‍ය ණය, පහළයන විනිමය සංචිත සහ උද්ධමන පීඩනය හේතුවෙන් මේ වන විට සාර්ව ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණදෙමින් ඇති බවයි.

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 2023 වසරේදී 2.5% දක්වා සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයේ දැක්වෙන්නේ.

"මේ වනවිට ශ්‍රී ලංකාව වෙනත් අභියෝග රැසකට මුහුණදෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයාම, ආනයන වියදම් වැඩිවීම සහ සැපයුම් දාමයේ ඇතිව බාධා නිසා ගැටලු වැඩිවෙලා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආහාර ද්‍රවය සහ ඉන්ධන මිල ඉහළ යෑම සහ සංචාරකයින්ගේ නොපැමිණීම නිසා විදෙස් සංචිත අඩුවීම මෙයට ප්‍රධාන ගැටළුවී ඇත." යැයි ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 11:31