March 29, 2024

තවත් භාණ්ඩ රැසක මිල වැඩි වීමක් - නව ගැසට් පත්‍රය මෙන්න

අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ (28) නිකුත් කරනු ලැබූ මෙම ගැසට් නිවේදනයට අනුව අක්ෂි කාච, පල්ස් ඔක්සිමීටර්, රුධිර ග්ලූකෝස් මාපක සහ රුධිර නාල අවහිරවීමේ දී යොදන ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක ම මිල ඉහළ යනවා.

අවසන් වරට අක්ෂි කාච මිල උපරිම සිල්ලර මිල සඳහන් කරමින් 2021 අගෝස්තු මස 19 වනදා නිකුත් කළ අංක 2241/43 දරණ ගැසට් නිවේදනය හා සැසදීමේදී සියලුම අක්ෂි කාච මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම රුධිර නාලවල සිදුවන අවහිරතා මඟහැරවීම සඳහා යොදන ලෝහමය වටනේරුවල මිල රුපියල් 11,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඖෂධ මුදා හරින වටනේරුවල මිල රුපියල් 49,000කට ආසන්න මුදලකින් ඉහළ ගියා.

ඊට අමතරව පල්ස් ඔක්සිමීටර්වල උපරිම සිල්ලර මිල රුපියල් 3870ක් ලෙස දැක්වෙනවා.

රුධිරයේ සීනි මට්ටම මැන බලන ග්ලුකෝස් මාපක ඒකකයක මිල රුපියල් 1300කට ආසන්න මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.

රුධිර ග්ලුකෝස් මාපකවලට භාවිත කරන එක් පරීක්ෂණ තීරුවක මිල රුපියල් 23කින් පමණ ඉහල ගොස් තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 April 2022 13:20