April 23, 2024

මහජන බැංකුවේ කඳපොළ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ කදපොළ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි.

මේ තුළින් කදපොළ ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රය තුළින් මුදල් ආපසු ගැනීමේ පහසුකම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විදිය හැක.

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප‍්‍රාදේශීය කළමනාකාර අනුර දීගලගේ, නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි බී.එම්.එස්.එල්.බී බස්නායක, මහජන බැංකුවේ නුවරඑළිය හිටපු ප‍්‍රාදේශිය කළමනාකාර, වත්මන් මහනුවර ප‍්‍රාදේශිය කළමනාකාර කපිල දිසානායක, නුවරඑළිය ප‍්‍රාදේශීය කළමනාකාර විනෝදිකා පීරිස්, නුවරඑළිය ශාඛා කළමනාකාර අනුර අබේකෝන්, කදපොළ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි කි‍්‍රෂානි සෙල්වකුමාර් යන මහත්ම මහත්මීන් ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741 කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Rate this item
(0 votes)