April 24, 2024

මහජන බැංකුවේ දොම්පේ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයකට

මහජන බැංකුවේ දොම්පේ සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක විවෘත කිරීම පසුගියදා මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මේ තුළින් දොම්පේ ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරිමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විදිය හැක.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) රෝහිනි මදුරාවල, ගම්පහ ප‍්‍රාදේශීය කළමනාකාර ජී.ආර්.එස් කෝදාගොඩ, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර රුවන් ඥානතිලක, සහකාර ප‍්‍රාදේශීය කළමනාකාරිනියන් වන යූ.ඒ.එල්. ශී‍්‍රමතී හා පද්මිණි වික‍්‍රමාරච්චි, පූගොඩ ශාඛා කළමනාකාරිනි බුද්ධිකා විමලධර්ම, දොම්පේ සේවා මධ්‍යස්ථාන කළමනාකාරිනි රම්‍යා දිසානායක යන මහත්ම මහත්මීන්ද ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741 කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Rate this item
(0 votes)