January 17, 2025

අලුත් සීනි කර්මාන්තශාලාවක් හදන්න රජය තීරණය කරයි

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමට අනුබද්ධව වේලිඔය සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාව ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 600,000ක් පමණ වේ.

එයින් 85%ක් පමණ ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 45ක් පමණ වැය කරනු ලබයි.

2020 වර්ෂය තුළදී දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 54,000ක් වූ අතර එම ප්‍රමාණය තවදුරටත් වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව, ලංකා සීනි සමාගම යටතේ නව සීනි නිෂ්පාදන කර්මාන්තශාලාවක් මොනරාගල දිස්ත්‍රික්කයේ වේලිඔය ප්‍රදේශය පදනම් කර ගෙන අලුතින් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449